හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගජමිතුරෙකුවන විමල් වීරවංස නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නෙරපා හැර ඇති බව පුවත්පත් වාර්තා කර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දී තිබියදී එම පක්ෂවල සාමූහික තීරණවලට විරුද්ධව සහ ජනාධිපතිවරයාට විරුද්ධව හිටපු ජනාධිපතිවරයා බලයට පත්කිරීම සඳහා විවිධ උපක්රම භාවිතා කරමින් ඒ සඳහා තවත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් එක්කරගැනීම විමල් වීරවංස දිගින් දිගටම කරගෙන ගියේය.
මෙවැනි තත්වයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඔහුගේ පක්ෂය ඉවත්කරන්නට ඇති බව පැහැදිළිය. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්රේමජයන්ත මන්ත්රීවරයා සමග කඩුවෙල ආසනය සඳහා විමල් වීරවංස විවිධ ගැටුම් ඇතිකරගෙන තිබිණ. එමෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්රීවරුන් අතිබහුතරයක්ද විමල් වීරවංසව ප්රතික්ෂේපකරන බව මෙයට පෙර හෙළි වී තිබිණ.









