හිටපු ඇමති විමල් වීරවංසට අද (12) දින යළිත් තංගල්ල විශේෂ පරාධ කොට්ඨසය හමුවේ පෙනී සිටන ලෙස දන්වා ඇතත් අද දින තමන්ට පැමිණිය නොහැකි බව ඔහු එම කොට්ඨාසයට දැනුම් දී අතැයි වාර්තා වේ.
ඉදිරි දිනයකදී පොලිසියට පැමිණෙන බව ඔහු තංගල්ල පොලිසිය වෙත දැනුම් දී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
මිද්දෙනිය ප්රදේශයෙන් අයිස් මත්ද්රව්ය හමු වීමේ සිදුවීමට අදාළව පසුගියදා අත්අඩංගුවට ගත් පුවක් දන්ඩාවේ සනා නැමැත්තාගේ නිවසට ගොස් ජනාධිපති අනුර දිසානායක ආහාර ලබාගත් බවට හිටපු ඇමති විමල් වීරවංස පසුගියදා මාධ්ය හමුවක් කැඳවා ප්රකාශ කර තිබූ අතර පසුව තංගල්ල විශේෂ පරාධ කොට්ඨසය හමුවේ පෙනී සිට, තමන් ජනාධිපති සම්බන්ධ කරමින් සිදු කළ ප්රකාෂය මෙන්ම පුවක් දන්ඩාවේ සනා නැමැත්තා සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශ අසත්ය ප්රකාශ බව පිළිගෙන තිබිණි.
හිටපු ඇමති විමල් වීරවංසට අද දින යළිත් තංගල්ල විශේෂ පරාධ කොට්ඨසය හමුවේ පෙනී සිටන ලෙස දන්වා ඇතත් එම ප්රශ්න කිරීම්වල දිගුවක් ලෙසය.










