මහින්ද රාජපක්ෂ මහතා විහාර දේවාලගම් පනතේ වගන්ති ඉවත් කරමින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය ශෂීන්ද්ර රාජපක්ෂ මහතාට දැරීම සඳහා ඉඩ ලබා දී තිබූ වගන්තිය නැවතත් විහාර දේවාලගම් පනතට ඇතුළත් කිරීමට අද (13) දිනයේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට බස්නායක නිලමේ තනතුර දැරීම සඳහා මන්ත්රීවරුන් ඇතුළු දේශපාලනඥයින්ට මැදිහත් විය නොහැකි වන ලෙස නැවතත් එම වගන්තිය ඇතුළත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.









