විස්ස පියවරක් ඉදිරියට – කැබිනට් අනුමැතිය ලැබේ

ඊයේ (08) රාත්‍රියේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනාව සම්මත වූ බව වාර්තා වේ.

විපක්ෂය හා ආණ්ඩුවේ සමහර පිරිස් යෝජනා කර තිබූ මන්ත්‍රී ධූර 255 යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන බහුතරයකගේ යෝජනාව වී තිබෙන්නේ  මන්ත්‍රී ධූර සංඛ්‍යාව 225 පවත්වාගෙන යමින් අදාළ මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බවය. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව එම යෝජනවා කෙටුම්පත් කර ඉදිරි දින හතර තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ සංශෝධනයේ මූලික සිද්ධාන්ත වී ඇත්තේ මැතිවරණ කොට්ඨාශ මට්ටමින් මන්ත්‍රීවරු 125ක්, සමානුපාතික ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 75ක් හා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 25ක් ලෙස පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමටය. එහෙත් විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් හා ආණ්ඩුව නියෝජනය කරන සමහර පිරිස් ඉදිරිපත් කළ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 255ක් කිරීමේ යෝජනාව පරාජය වීමත් සමග 20 වන සංශෝධනය කඩා කප්පල් කිරීමේ තත්වයක්ද නිර්මාණය ඉදිරියේදී ඇති වීමේ හැකියාවක් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්