එක්සත් ජනතා නිදහස් සන්ධනය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා බරපතළ වංචා, දූෂණ, රාජ්ය සම්පත් වරප්රසාද, බලය සහ අධිකාරිය අවභාවිතය පිළිබඳ විමර්ශනය කෙරෙන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවා මේ වනවිට ප්රශ්න කරමින් සිටින බව වාර්තාවේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්රචාරක දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනී ආයතනයට අයවිය යුතු මුදලක් සම්බන්ධයෙන් මෙම ප්රශ්න කිරීම සිදුවන බව වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා මාධ්ය වෙත පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයේ හිටපු සභාපතිවරයාගෙන්ද පසුගියදා ප්රශ්න කිරීමක් සිදුවිය.









