විශ්‍රාමය දිගුකර ගන්න සංඛ්‍යා ලේඛන ලොක්කා මෙහෙයුමක

රටේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති දත්ත සහමුලින්ම සාවධ්‍යබවත් එවැනි සාවධ්‍ය දත්ත සහිත වාර්තාවක් සකස් කිරීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් සිදුවූ ආකාරයත් සම්බන්ධයෙන්, පසුගිය 20වනදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් නායක අනුර දිසානායක මහතා සිදු කළ ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට යම් යම් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තාවේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගුනවර්ධන මහතා ඊයේ (30) පෙරවරුවේ හදිසි රැස්වීමක් කැඳවමින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිළධාරීන්ට නියෝගකර ඇත්තේ දෙපාර්තමේන්තුවට එවැනි බලපෑමක් සිදු නොවූ බවටත් එම දත්ත නිවැරදි බවටත් වහාම ලිඛිතව ලබාදෙන ලෙසයි.

මේ අතර එහි ආර්ථික දත්ත සැකසීමේ කාර්යයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ උප සංඛ්‍යාලේඛනඥ නවරත්න මහතාට හෙට (ජනවාරි 01) සිට හදිසි ස්ථාන මාරු වක් ලබාදී ඇත. එහි ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ එච්. එස්. වනසිංහ මහතාට මේ වනවිටත් වෙනත් දෙපාර්තමේන්තුවකටත් මාරුකර ඇත.

කෙසේ නමුත් ලබන වසරේ පෙබරවාරි 26වනදා විශ්‍රාම යාමට සිටි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තවත් වරසක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදීමටද මේ වනවිට කටයුතු කරමින් සිටී.

ආශ්‍රිත පුවත්

අනුර අයවැයේ රෙදි ගලවයි – Video

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්