විරෝධතා ඉහළයත්ම ආණ්ඩුවෙන් පොලිසියට ටොෆියක්

විරෝධතා ඉහළයත්ම ආණ්ඩුවෙන් පොලිසියට ටොෆියක්

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම සේවා නියුක්තිකයන් හට රුපියල් 2500/-ක සේවා දීමනාවක් හදිසියේම ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

පසුගිය වසර දෙකේ පැවති දරුණු වසංගත තත්වය තුළ පවා පොලිසිය සිදු කළ අමතර කටයුතු වෙනුවෙන් මෙවැනි දීමණාවක් ලබා නොදුන් අතර මහජනතාවගේ විරෝධය උත්සන්නවීමත් සමඟ මෙම දීමනාව ලබාදීම විශේෂත්වයකි.

මේ වනවිට මහජන උද්ගෝෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකරන පසුබිමක් තුළ මෙම දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.

ඡායාරූපය – ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්