අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ආරම්භ කර ඇති වීරවංස හිටපු ඇමතිවරයාගේ වත්කම් පිළිබඳ පරීක්ෂණය නතර කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ඔහු ගොනු කර තිබූ පෙත්සම පසුගිය 28 වැනි දින ත්රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්රතික්ෂේප කර තිබේ.
නිසි ක්රමවේදයකින් තොරව මෙම පරීක්ෂ අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇති බවත් එය අල්ලස පනතට පටහැනි ආකාරයෙන් සිදු කෙරෙන බැවින් එම පරීක්ෂණ අත්හිටුවීම සඳහා රීට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සම මගින් ඉල්ලා ඇත.
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රිසි සේ ජනතා දේපල කොල්ලා කෑ, විටෙක පවුලේ සුරතලා ලෙසත් තවත් විටෙක ගැලවුම්කරුවා ලෙසත් කටයුතු කර වීරවංස ඇමතිවරයා සිදුකරනු ලැබූ වංචා දූෂණ හා සාපරාධී ජනතා දේපල පරිහරණ සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන සිදු කරන අතර විමර්ශනවලදී හෙළිදරව් වී ඇත්තේ විමල් වීරවංස නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ බරපතළ දූෂණ ක්රියා එම අමාත්යංශය තුළ සිදු කර ඇති බවය.
ඉතා කෙටි කලකදී ප්රකෝටිපතියකු වූ වීරවංස හිටපු ඇමතිවරයා තමන් එම වත්කම් උපයාගත්තේ කුමන ආකාරයෙන්ද යන්න තහවුරු කර ගැනීමට නොහැකිව මේ වනවිට දැඩි කැළඹීමකට ලක්ව සිටින බව ඔහු අල්ලස් කොමිසමේ විමර්ශනයට එරෙහිව අධිකරණය වෙත යාම තුළින් තහවුරු වේ.
තමන් සාධාරණ ආකාරයෙන් වත්කම් උපයාගත්තේ නම් වීරවංස හිටපු ඇමතිවරයා මේ ආකාරයට කැළඹීමට පත්වී අධිකරණයේ පිහිට පතන්නේ මන්දැයි ප්රශ්නයක් මතුවන අතර මෙම කලබල තුළින් තහවුරු වන්නේ ඔහු තමන්ගේ සැබෑ වත්කම් හෙළිදරව් වීම වළක්වා ගැනීමේ උත්සාහයක නිරත වන බවය. වීරවංස හිටපු ඇමතිවරයාගේ සමීපතම ආරංචි මාර්ගවලින් තහවුරු වන්නේ කොළඹ අවට ඉදිකළ සුවිසල් නිවස කිහිපයක්ද පවතින බවත් මේ වනවිට එම නිවාසවල හිමිකාරීත්වය වෙනත් අයට පැවරීමේ උත්සාහයක වීරවංස නිරතව සිටින බවය.
කෙසේ වෙතත් ඉදිරියේදී තමන්ගේ වත්කම් හෙළිදරව් වීම වළක්වා ගැනීමට නොහැකි වුවහොත් බොහෝ දුරට යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ආච්චිට හදිසියේ ලැබුණු මැණික් මල්ල මෙන් වීරවංසද ධනවත් වීම පිටුපස හදිසියේ ලැබුණු මැණික් හෝ කිසියම් වස්තුවක් තිබීමේ ඉඩකඩ බොහෝ දුරට ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.









