විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමුවන කාව්ය සංග්රහය “හමුවෙන්න තවම හැකි කොම්රේඩ්” ජනගත කිරීම පසුගිය 24 වනදා සවස 3.30ට කොළඹ මහවැලි කේන්ද්රීය ශ්රවනාගාරයේදී සිදු විය.
ඊට සමගාමීව ඔහු විසින් රචිත “දූවිලි සේල” සහ”නවයෙ කතාව” පොත් දෙකේ දෙවැනි මුද්රණ අහස ප්රකාශන ලෙස එළිදැක්වීමද එහිදී සිදු විය.
එහිදී සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්යවේදී සඳුන් ප්රියංකර විතානගේ විසින් අදහස් දක්වන ලදී.
“හමුවෙන්න තවම හැකි කොම්රේඩ්” හි විමල් කැටිපෙආරච්චි විසින් රචිත ගීතයක් ගායක කසුන් කල්හාර විසින් ගායනා කරනු ලැබීම ද විශේෂත්වයක් විය.



















