හෙලිකිරීමට නොහැකි වූ විමල්ගේ වත්කම් නඩුව නොවැම්බර් 2ට කල් යයි

හෙලිකිරීමට නොහැකි වූ විමල්ගේ වත්කම් නඩුව නොවැම්බර් 2ට කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළ නීති විරෝධී අයුරින් රුපියල් කෝටි 7.5 කට අධික මුදලක් උපයාගත් බවට චෝදනා කරමින් ගොනුකර ඇති නඩුව අද(06) කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනුණි.

එහිදී නඩුවේ සාක්කිවලට අදාල ලේඛන උපදවා ඇති පරිගණක පරීක්‍ෂා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා අවසන් වශයෙන් දින ලබා දුන් අතර මෙම නඩුව නොවැම්බර් මස 2වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

2010 – 2014 කාල වකවානුව තුල මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකුව සිටියදී නීති විරෝධි ආකාරයට රුපියල් කෝටි 7.5කට ආසන්න වත්කම් හා මුදල් උපයා ගැනීම තුලින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාල නියෝගය නිකුත් කළ අතර නැවත නඩු වාරය කැඳවන නොවැම්බර් 2 වැනිදා විත්තිකාර විමල් වීරවංශ මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්