සජිත් ප්රේමදාස මහතා විසින් පවත්වන “විපක්ෂ නායක ජංගම සේවාව” පසුගියදා සෙල්ලකතරගමදී පැවති අතර එහිදී ස්නායු රෝගී කාන්තාවක් හඳුනා ගැනීමට ඔහු සමත්ව ඇත. මල් කඩයක් පිළිබඳව ප්රශ්නය ඉදිරිපත් කිරීමට ඇය පැමිණි අවස්ථාවේදී ඇගේ එක් අතක පවතින රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ සජිත් ප්රේමදාස මහතා ඇයට ස්නායු රෝගයක් පවතින බව පවසා ඇයව ජාතික රෝහලට යැවීමට උපදෙස් දී ඇත. විපක්ෂ නායක ජංගම සේවා රටේ තැන් තැන්වල ඉදිරියේදීද පැවැත්වීමට නියමිතය.










