විපක්‍ෂය ඉවරම කරන්න දයාසිරි සහ මරික්කාර් පෙරමුණ ගනී !

විපක්‍ෂය ඉවරම කරන්න දයාසිරි සහ මරික්කාර් පෙරමුණ ගනී !

රට තුළ මහත් ව්‍යසනයක් ඇතිව තිබියදී විකෘති කරනලද මාධ්‍ය ප්‍රචාර මත පදනම්ව රජයට එරෙහිව නඩු පැවරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ එස්.එම් මරික්කාර් අතර තරගයක් නිර්මාණය වී තිබේ.

මන්ත්‍රී එස්.එම් මරික්කාර් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබෙන්නේ දරුණු ස්වාභාවික ව්‍යසනයෙන් සිදු වූ ජීවිත හානිය පාස්කු ප්‍රහාරයට වඩා බරපතළ බව ය. ඒ සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු පවරන බව ඔහු ඊයේ (01) ප්‍රකාශ කළේ ය.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර ද‘ලංකාදීප’ වෙබ්අඩවියට ප්‍රකාශ කර තිබෙන්නේ රජයට එරෙහිව නඩු පවරන බවය. මෙම ප්‍රකාශ සිදුකිරීමත් සමඟ මෙම මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට එරෙහිව පොදු ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්