මේ වනවිට අක්රිය වී ඇති පළාත් සභා නැවත ක්රියාත්මක කිරීම සඳහා මැතිවරණය පැවැත්වීමට පවතින නීතිමය බාධා සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කෙරේ.
සීමා නීර්ණය ඇතුළු ව්යවස්ථාමය බාධාවන් කිහිපයක් නිසා පළාත් සභා ක්රමය මහජන නියෝජිතයන් පත් කිරීමට නොහැකිව වසර දහයකට වැඩි කාලයක් ගත වී ඇත. එමෙන් ම, පළාත් පාලන මැතිවරණය නොපවත්වා තිබූ අතර, වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ ක්රමය සක්රිය කරමින් පවතී.
ලබන වසරේ සැප්තැම්බර් මාසය පමණ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි වේ යැයි ආණ්ඩුව අපේක්ෂා කරයි.










