ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී ජනාධිපතිවරු වූ සියළුම දෙනා සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතාවගේ බහුතර කැමැත්ත ලබා ගෙන ඇතැයි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි බිමල් රත්නායක මහතා ඊයේ (28) පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්යයට අදහස් පලකරමින් මේ බව සඳහන් කළේය.
පැවති ජනාධිපතිවරණවලින් ජයගත් හා පරාජය වූ සියළුම අපෙක්ෂකයන්ගේ ප්රතිපත්තියද වුයේ විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීම බවත් ජයගත් සියළුම දෙනා එම ජනතා මතයට පයින් ගසා කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
මුදලට වෛද්ය උපාධිය විකිණීම සඳහා නීතිවිරෝධීව ඇති කරන ලද සයිටම් ආයතනය හේතුවෙන් මේ වනවිට ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු සමග රජයේ වෛද්ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20වන සංශෝධන කෙටුම්පත ගැන මාධ්යවේදීන් කළ විමසීමේදී බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.










