විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දීමට නම් ජාතික ප්රශ්නයටද ස්ථීර විසදුමක් ගෙනදිය යුතුයැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම්වන 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්යට අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව සදහන් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා…
“විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සදහා සහාය වීමට අප සූදානම්. මේ සඳහා අපි පෙරාතුවම ප්රතිපත්තිමය තීරණයක් අරගත්තා. 2015 වසරේ බලපෙරලියේදිත් විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන බවට සහතික වී තිබෙනවා. විධායක ජනාධිපති ක්රමය 1978දීයි ගෙන ආවේ. එහෙත් 1948දී ආරම්භ වූ ජාතික ගැටලුව විශාල අර්බුදයක් ලෙස පරිවර්ථනය වෙලා ජීවිත රැසක් අහිමි වුණා. එතුළින් මහ විනාශයක් සිදුවුණා. විධායක ජනාධිපති ක්රමය ආහෝසි කිරීමේ උත්සහාය සේම ලොකුම ප්රශ්නය වෙලා තිබෙන ජාතික ප්රශ්නයටත් විසදුම් ගෙන ආ යුතුයි.” යැයි පවසයි.










