විදේශ සේවයේ රාජපක්ෂ අවතාර ප්‍රබල වේ

විදේශ තානාපති සේවාවල සිටින රාජපක්ෂ හිතවාදීන් මේ වනවිට ප්‍රබල මට්ටමකට පත් වෙමින් එම සේවාව සම්පූර්ණයෙන්ම ඔවුන් අතට පත් කර ගැනීමේ පියවර ගණනාවක් තබා ඇති බව හෙළි වේ. මෙහි ප්‍රබලම නිදර්ශනය වන්නේ ලබන අප්‍රේල් මස දෙවැනිදා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පැවැත්වීමට නියමිත ඒකාබද්ධ සාකච්ඡාවේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මාතෘකාවද ඇතුළත් කර තිබීමෙන්ය.

මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය එම සාකච්ඡාවලට ගැනීමේ සූදානමක් යුරෝපා සංගමයට තිබී නැත. එසේ වූ මාතෘකාවක් බලෙන් කුමන්ත්‍රණකාරී ලෙස එකතු කර ඇත්තේ විදේශ සේවයේ යෙදී සිටින මහින්ද හිතවාදීන් පිරිසක්ය. මොවුන් විසින් කරන ලද තවත් ක්‍රියා කිහිපයකි. දූෂණ චෝදනා එල්ල වී තිබෙන සහ LTTE සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වීම පිළිබඳව වැරදිකාරියක වී සිටින ක්ෂෙනුකා සෙනෙවිරත්න තායිලන්තයේ තානාපති වශයෙන් පත් කර ඇත්තේ මෙම රාජපක්ෂ වාදීන් බලවත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන්ය.

ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වශයෙන් සිටි තමාර කුනනායගම් මහත්මියට එරෙහිව LTTE චෝදනා ඉදිරිපත් කර ඇත්තේද මෙම පිරිසගේ සැලසුමකට අනුව බව අනාවරණය වේ.

මේ අතර විදේශ ඇමති මංගල සමරවීර මහතාගේ යුරෝපා සංචාරය අතර තුර පැවැත්වීමට සූදානමින් සිටී විශේෂ සාකච්ඡවක් අවලංගු කිරීමට මෙම පිරිසට හැකි වී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහයෝගය පළකරමින් ඡන්දය භාවිතා කළ රටවල නියෝජිතයන් හමුවීමට විදේශ ඇමතිවරයා කර තිබූ සැලැස්ම මොවුන් විසින් නතර කර ඇත.

විදේශ තානාපති සේවාවේ ඇති වෙමින් තිබෙන මෙම තත්වය ශ්‍රී ලංකාව කෙරෙහි ඉතා අනතුරුදායක ලෙස වර්ධනය වෙමින් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්