විදේශ ණය කපා හැරීම – ඩොලර් මිලියන ගණන් වීසිකර වසර දෙකක් කාල් ගායි

විදේශ ණය කපා හැරීම – ඩොලර් මිලියන ගණන් වීසිකර වසර දෙකක් කාල් ගායි

විදේශ ණය ගෙවා ගත නොහැකි පරිදි ලංකාව බංකොලොත් වී ඇති බව ප්‍රකාශයට පත් කර එම ණය ප්‍රතිව්‍යූහගත කිරීමට බව පවසමින් නීතිමය සහ මූල්‍යමය උපදේශක අනුග්‍රහය ලබා ගැනීමට ගෙවී ගිය කාලය තුළ ඩොලර් මිලියන ගණනක් වැය කර තිබුණ ද, මේ දක්වා කිසිදු ප්‍රගතියක් ලබා ගෙන නැති බව හෙළිවේ.

විශේෂයෙන් ම, ගිනි පොලිය මත ලබා ගෙන තිබෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන 13ක් පමණ ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් උපදේශක සමාගම් දෙකකට පවරනු ලැබීය. ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන සහාගම් දෙක මෙම නීතිමය සහ මූල්‍යමය අතරමැදියන් ලෙසින් පත්කර සිටී. එහෙත් ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ඇතුළු මූල්‍ය ආයතන කිහිපයක් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන ණය අය කර ගැනීම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා ඇත.

මෙම නඩුවලට මුහුණ දීම සඳහා ද තමත් අමතරව ඩොලර් ලක්ෂ ගණනක් වැය කරමින් පවතී.

.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්