විදෙස් දැරියක් පැහැරගෙන

සොලොස් හැවිරිදි ජර්මන් ජාතික දැරියක් ගල්කිස්ස ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක්ව ඇතැයි වාර්තාවේ.

එම දැරියගේ මව වන ජර්මන් ජාතික කාන්තාවක් විසින් ඒ සම්බන්ධයෙන්  පැමිණිල්ලක්ද සිදුකර ඇත.

දින 10ක සිට තම දියණිය පිළිබඳ කිසිම තොරතුරක් නැති බවත් දියණිය රැගෙන යන්නට ඇතැයි සැකකෙරෙන පුද්ගලයකුගේ නමක් ද ඇය විසින් පොලිසියට ලබා දී ඇත.

මීට මාස පහකට පෙර එම ජර්මන් මව සමග ඇගේ දියණිය මෙරටට පැමිණ තිබේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්