වි‍දෙස් කතුන් දෙදෙනකුගෙන් වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට

වි‍දෙස් කතුන් දෙදෙනකුගෙන් වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංචාරය සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනෙකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනා විසින් බ්‍රසීල හා බෙල්ජියම් ජාතික විදේශීය කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස, අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 02ක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී සිදුකළ විමර්ශනයකින් අනතුරුව, සැකකාර ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසුවන, ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්