ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහාද කොවිඩ් – 19 එන්නත ලබාදීමට කඩිනමින් පියවර ගත යුතු බව පාරිභෝගික සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක දිලීප සම්පත් බණ්ඩාර සඳහන් කරන්නේ ලබන 31 වන දිනට පෙර සිය නිලධාරීන්ට එන්නත් ලබාදීමට පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වන බවය.










