අද (14) සිදු කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඉදිරි මාස 03 සඳහා කිසිදු අයුරකින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි මාස තුන සඳහා මේ වනවිට පවතින ආකාරයටම විදුලි ගාස්තු පවත්වාගෙන යාමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී ඇත.










