පසුගිය දින තුන තුළ විදුලි බිඳවැටීම් 36,900ක් සිදු වී ඇති බව විදුලි හා බලශක්ති ඇමති කංචන විජේසේකර හෙළිකර තිබේ.
ඔහුගේ X නිල ගිනුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ. එහි වැඩි දුරටත් සටහන් කර ඇත්තේ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය විසන්දි වී ඇති බවයි.
විදුලි විසන්දිවීම් ඇතුළු පාරිභෝගික පැමිණිලි වෙනුවෙන් 1987 යන ක්ෂණික දුරකතන අංකය ලබා දී තිබේ.










