විදුලිබල මණ්ඩල පනතට යළිත් සංශෝධනයක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.
එම විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද මෙම නව පනත් කෙටුම්පත අප්රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු පවසයි.
එමෙන්ම කැබිනට් අනුමැතියෙන් පසු එය ලබන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කරයි.










