රජය සතු වාණිජ ව්යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88,913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්ය අමාත්යංශය නිකුත් කළ වසර මැද රාජ්ය මූල්ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 3,174ක්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 38,255ක්ද ශ්රී ලංකා වරාය අධිකාරිය රුපියල් කෝටි 23,765ක්ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 4,226ක්ද සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටි 3,852ක් සහ සීමාසහිත ශ්රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් කෝටි 9,158ක්ද ආදී වශයෙන් බැංකුවලට ගෙවිය යුතු ණය තිබෙන බව එහි දැක්වේ.










