මෙගාවොට් 270ක් නිෂ්පාදනය කරන කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරය සහ මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන සොජිට්ස් බලාගාරය තාක්ෂණික දෝෂ හේතුවෙන් අක්රිය වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
එම බලාගාර දෙක හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇතැම්විට දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලිය විසන්ධි විය හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.










