විදුලිය විසන්දිවීමෙන් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක්

විදුලිය විසන්දිවීමෙන් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක්

කොළඹ කොටුවේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම අංශය වෙත සේවා ලබා ගැනීමට පැමිණි සේවාලාභීන් අසීරුතාවට පත්වීමෙන් කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කරන්නේ කොන්සියුලර් අංශය පවත්වාගෙන යන අදාළ පෞද්ගලික ගොඩනැගිල්ලේ ගැටලුවක් හේතුවෙන් විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බවය.

කෙසේවෙතත් විදුලි සැපයුම කඩිනමින් ලබාදීම සඳහා අදාළ බලධාරීන් එකඟතාවය පළ කර ඇති අතර ඒ අනුව සේවාවන් ලබාදීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්