මේ දිනවල පවතින දැඩි නියගය නිසා විදුලිය නිපදවන ජලාස සියල්ලේම ජල මට්ටම සීග්රයෙන් පහත බැසීමත් සමග තාපබල විදුලි නිපදවීම 86%ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.
විදුලිබල ආරංචිමාර්ග සඳහන් කරන්නේ ළඟදීම විදුලිය කප්පාදුවක අනතුරක් මතුවී ඇති බවයි. එමෙන්ම ලෝක වෙළඳපොළේ ඛණිජ තේල් මිල පහළ වැටෙමින් තිබුනද රුපියල බාල්දු වීම නිසා දේශීය වෙළඳපොළේ ඛණිජ තෙල් මිල ඉහළ යාමෙන් විදුලි බිල ඉහළ යාහැකි බවද එම ආරංචි මාර්ග අනතුරු අඟවයි.
මේ වනවිටත් දැඩි මූල්ය අර්බුදයකට පත්ව ඇති විදුලි බලමණ්ඩලය මත ඉදිරියේදී දැඩි මූල්ය පීඩණයක් ඇතිවනු ඇති බවද අනාවරණය වේ. ආණ්ඩුවේ නාස්තිකාර සැරසිලි සඳහා විදුලිය පාවිච්ඡි කිරීම නිසා මෙම තත්වය වඩාත් අර්බුදකාරී තත්වයකට යා හැකි බව වැඩිදුරටත් අනාවරණය වේ.









