විකෘති කරන ලද ජාතික කොඩියක් උද්ඝෝෂණයක් සඳහා යොදා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පලාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන්කරයි.
පසුගියදා අල්ලස් කොමිසම ඉදිරිපිට සිදුකළ විරෝධතාවයකදී විකෘති කරන ලද ජාතික කොඩියක් යොදා ගැනිම සම්බන්ධයෙන් පොලිසියට මේ වනවිට පැමිණිලි දෙකක් ලැබී තිබෙන බවද ඒ මහතා පැවසීය.









