ගෙවී ගිය 2025 වසරේ දී මිල්කෝ ආයතනය ලැබූ රුපියල් කෝටි 170ක ඉතිහාස ගත ලාභයෙන් කොටසක් බෙදා දීමට සැලසුම් කර තිබේ.
පසුගිය ආණ්ඩුව විසින් විකිණීමට සැලසුම් කර තිබූ හයිලන්ඩ් වෙළඳ සන්නාමය යටතේ ක්රියාත්මක වන මිල්කෝ ආයතනය එයින් මුදවා ගෙන මේ වනවිට ලාභ උපයන රාජ්ය සමාගමක් බවට පත් කිරීමට නව ආණ්ඩුව සමත් වී තිබේ.
ඒ අනුව, එම ලාභයෙන් 12.5%ක් කිරි ගොවියන්ට ලබා දෙන අතර, පසුගිය දෙසැම්බර් 31 වෙනිදා කෘෂිකර්ම අමාත්ය කේ. ඩී ලාල්කාන්ත විසින් නාරාහේන්පිට මිල්කෝ කාර්යාල පරිශ්රයේදී සේවකයන් හට උපයා ගත් ලාභයෙන් 7.5%ක කොටසක් බෝනස් දීමනාවක් ලෙස බෙදා දෙනු ලැබීය.
එම උත්සවයේ දී අමාත්යවරයා අවධාරණය කළේ මිල්කෝ සමාගමේ දායකත්වයෙන් කිරි ගොවි රක්ෂණ ක්රමයක් ද හඳුන්වා දෙන බවයි. රාජ්ය ව්යාපාරයක් ලෙස මිල්කෝ සමාගම ලබා ගත් වාර්තාගත ලාභාංශය තවත් බොහෝ රාජ්ය ආයතනවලට ද පුරෝගාමී ආදර්ශයක් වනු ඇතැයි මේ වනවිට පුරෝකථන පළ වී තිබේ.










