විකිණීමට, බිලිදීමට එරෙහිව පුළුල් සටන් පෙරමුණක්

වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහිව සටනක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති ක්‍ෂේත‍්‍රයේ කතාබහක් මතුවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පසුගියදා කොළඹදී කේ.ඩී. ලාල්කාන්තගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක නිරත වූහ. මේ අවස්ථාවට වරාය, විදුලි, තෙල් සංස්ථා ඇතුළු විවිධ ක්‍ෂේත‍්‍රවල වෘත්තීය සමිති නායකයෝ එක්වී සිටියහ. “මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය විකිණීමයි, බිලිදීමයි. මේකට එරෙහිව දැඩි පියවරක් ගන්න  ්ඕ‍රනෑ. වරාය, තෙල් සංස්ථාව, ශ‍්‍රීලන්කන් වගේ ආයතන පෞද්ගලීකරණය කළාම ඒක අවුරුදු ගාණක් අපිට නිවැරදි කරන්න බැහැ. මේක රටේ අනාගතයට බලපාන දෙයක්. ඒක නිසා මේකට වෘත්තීය සමිති සටනක් කරලා බැහැ. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එකතු කරගත්ත පුළුල් බලවේගයක් හදන්න  ඕනෑ. ජවිපෙ මේකට නායකත්වය දෙනවා” ලාල්කාන්ත කීවේය. “තෙල් සංස්ථාවේ තෙල් ටැංකි ටික විකුණලා දැම්මාම ප‍්‍රධාන ආදායම් මාර්ගයක් නැතිවෙනවා. හම්බන්තොට නැව් තෙල් සේවාව විකුණුවාම අපිට කවදාවත් හොඳ ආදායමක් ගන්න බැහැ” තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දුන්හ. “මේ ආණ්ඩුව වරායට කරන්නෙත් ඒ වැඬේම තමයි. පහුගිය ආණ්ඩුව කෝටි ගණන් වෙන ව්‍යාපෘතිවලට දාලා විනාශ කළා. මේ ආණ්ඩුව වරාය විකුණලා දාන්න යනවා.” වරාය වෘත්තීය සමිති නායකයින් පෙන්වා දුන්නේය. “අපි මේ ගැන අනෙකුත් වෘත්තීය සමිති එක්ක වගේම දේශපාලන ව්‍යාපාර එක්කත් පුළුල් සාකච්ඡාවක් ගොඩනගන්න  ඕනෑ. තමන් සේවය කරන ආයතන විකුණනවට කවුරුත් කැමති නෑ. හැමදෙනාම එක තැනකට ආවොත් සටන ශක්තිමත් වෙනවා” ලාල්කාන්ත කීවේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්