වැලිකඩ බන්ධනාගාරයට කඳුළු ගෑස්

වැලිකඩ බන්ධනාගාරයේ අද (09) සවස ඇතිවූ උනුසුම්කාරී තත්වයක් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

අද පස්වරුවේ එම බන්ධනාගාරයේ සිදුකළ මෙහෙයුමකට විශේෂ කාර්ය බලකාය යොදවා ගැනීම සම්බන්ධයෙන් රැඳවියන් තුළින් එල්ලවෙමින් තිබූ විරෝධය ඉතා උනුසුම් කාරී තත්වයක් දක්වා වර්ධනයවී ඇත.

එය පාලනය කිරීමට අමතර පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර එහිදී ඇතිවූ කළබලකාරී  තත්ත්වය පාලනය කිරීමට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්