වැඩ තහනමට ලක්වූ නාගරික කොමසාරිස් නැවත සේවයට

වැඩ තහනමට ලක්වූ නාගරික කොමසාරිස් නැවත සේවයට

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටී ජීවිත හා දේපල හානිවීමේ සිද්ධියට අදාලව වැඩ තහනමට ලක්ව සිටි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා නැවත සේවයේ පිහිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කටයුතු කර තිබේ.

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාලව හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් සිදුකළ විමර්ශන වාර්තාවකට අනුව ඉකුත් මාර්තු මස 2 වැනිදා කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගැනුණි.

ජනාධිපතිවරයාට භාරදුන් අදාල විමර්ශන වාර්තාවේ කොළඹ මහනගර සභාව සතුව කසළ බැහැරකිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොවූ බව තහවුරු කොට තිබේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින්ම නැවත හිටපු නාගරික කොමසාරිස්වරයා නැවත සේවයට කැඳවා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්