වාද්දූවේ විහාරස්ථානයක හිමිවරු 26 නමකට කොරෝනා

වාද්දූවේ විහාරස්ථානයක හිමිවරු 26 නමකට කොරෝනා

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

විහාරස්ථානයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්වයක් මත ජූනි 28 වන දා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ස්වාමීන් වහන්සේලා පස්දෙනෙකුට හා ගිහි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

ඉන් අනතුරුව එම විහාරස්ථානයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ 83ක දී ස්වාමීන් වහන්සේලා 21නමකට සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණය වී තිබේ.

කොරෝනා ආසාදිත ස්වාමින් වහන්සේලා අතර විහාරාධිපති හිමියන්, පැවිදි වීමට සිටි කුඩා දරුවෙක්, විහාරස්ථානයේ සිටි ගිහි පුද්ගලයෙක් හා ගුරුවරුන් දෙදෙනෙක්ද සිටින බව පැවසේ.

වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, කොරෝනා ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිනි පුද්ගලයින් ඊයේ (29) රාත්‍රියේ ම ශ්‍රී ලංකා යුද හමුදා බස්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්