මේ වනවිට විශාල ජනතාවක් උද්ඝෝෂණය කරමින් ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවට හඬනගන තත්වය යටතේ වහාම කළ යුත්තේ ඔහු එම ධුරයෙන් ඉවත් වී විකල්ප පාලන ව්යූහයක් වෙත් අවස්ථාව ලබා දීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ජනාධිපතිවරයා ඉදිරියේම අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පවතින තත්වයට විසඳුම් මේ වනතෙක් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කර නැති අතර උද්ඝෝෂණ සාමාකාමීව විසඳා ගනිමින් රට ස්ථාවර භාවය ආරක්ෂා කරගෙන ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම අත්යාවශ්ය බව එහිදී අවධාරණය කෙරිණ.










