වසංගත තත්වය පාලනය වන තෙක් සංචරණ සිමා තිබිය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

වසංගත තත්වය පාලනය වන තෙක් සංචරණ සිමා තිබිය යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවට යෝජනා කරයි.

ආණ්ඩුව මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි.

කොවිඩ් – 19 වසංගතය සීග්‍ර ලෙස වැඩිවුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි අතර සෞඛ්‍ය අංශද අඩපණ විය හැකි බව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සඳහන් කරයි.

කොරෝනා පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා පොදු අරමුණකින් කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්