වවුනියාව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙක් යාපනය මධ්ය මහා විද්යාලයීය පිහිනුම් තටාකයේදී ඊයේ(02) සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි වාර්තා වේ.
පාඨශාලාන්තර නැටුම් තරඟයකට සහභාගි වීම සඳහා ඔහු යාපනය මැදි විදුහලට පැමිණ නේවාසිකාගාරයේ නැවතී සිට ඇති අතර පස්වරු 1ට පමණ පිහිනුම් තටාකයට යාමෙන් අනතුරුව දියේ ගිලී ඇති බව සඳහන්ය.









