වව්නියාවේ ලිඳක නාදුනන මළ සිරුරක්

වව්නියාව පොලිස් වසමේ දේවාල පාර වෙප්පම්කුලම ප්‍රදේශයේ පිහිටි පොහොර නිෂ්පාදනය කරන වැඩබිමක් තුළ ඇති ලිඳක තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගෙන ඇත.

ඊයේ (02) රාත්‍රී 08.00ට පමණ ‍එම මළ සිරුරු හමුව තිබෙන අතර, මළ සිරුර හමුවූ ළිද පිහිටි ඉඩම වව්නියාව නගර සභාවට අයත් එකක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම මළ සිරුර කවුරුන්ගේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්