වරායේ ගින්නට තවත් ගිනි

කොළඹ වරාය අධිකාරියේ සේවා සැපයුම් කොට්ඨාශයේ භාණ්ඩ ගුදමක ඇතිවූ ගින්න පිළිබඳව විශාල සැකයක් මතුවෙමින් තිබෙන බවත් ගින්න නිවීමට වරාය ගිනි නිවන ඒකකයට විශාල කාලයක් ගතවීමත් ඒ වෙනුවෙන් පාලනාධිකාරි‍යේ නොසැලකිල්ලත් සලකා බැලීමේදී මෙය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිතීමට ඕනෑතරම් සාධක තිබෙන බවත් වරාය සේවකයින් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසන්නේ ගිනිගත් ගුදම වරායේ ගිනි නිවන ඒකකයත් අතර දුර කිලෝමීටර් එකක්වත් නොමැති අතර ගිනි නිවන භටයන් හට අදාල ස්ථානයට පැමිණීමට පැය භාගයකටත් වැඩි කාලයක් ගත වී ඇති බවත්ය.

එබැවින් මෙය ගිනි ගැනීමක්ද ගිනි තැබීමක්ද යන්න සැක සහිත බවද ඔහු පෙන්වා දෙයි.

21 වෙනිදා පැවැති වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට තම උපරිම කැපවීම සිදුකළ වරාය සභාපතිවරයා ඇතුලු පාලනාධිකාරියට ගින්න නිවාගැනීමට විශාල කාලයක් ඇතිවී ඇති බවද පෙන්වා දෙයි.

{mp3}chandrasirimay25{/mp3}

 

ආශ්‍රිත පුවත්

වරායේ ගින්නක්…

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්