වර්ධා දකුණු ඉන්දියාවට කැළඹීමට සූදානම් වෙයි

Image result for Increased stormබෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින වර්ධා සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වීමේ තත්වයක් පවතින බව වාර්තා වේ.

අද (12) පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයෙන් දකුණු ඉන්දියාවට ඇතුළු වෙතැයි අනුමාන කෙරෙන වර්ධා කුණාටුව නිසා මේ වනවිට චෙන්නායි වෙරළ තීරයේ පුද්ගලයින් 3500ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර තිබේ.

පැයට කිලෝ මීටර් 90 ත් 130ත් අතර වේගයකින් පැමිණෙන සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හා ජල ගැලීම් තත්වයක් මෙන්ම නායා යෑමේ අනතුරුද බහුල විය හැකි බවත් මුහුදු රළ මීටර් 2ක් පමණ ඉහළට එසවිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

මේ වනවිට සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්