වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මේජර් ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ… වර්ජනයකට සැරසේ…

වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මේජර් ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ… වර්ජනයකට සැරසේ…

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට යුද හමුදා නිලධාරියෙකු විසින් බාධාකළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම මත ලබන මස 02දා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම වනජීවී නිලධාරීන් තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක සදහන් රන්නේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවමී හේතු කොටගෙන මෙම සංකේත වැඩවර්ජනය පවත්වන බවකි.

මින්නේරිය වනෝද්‍යානය තුළ සිටින අලි පැටවකු පැහැරගෙන යාමට කණ්ඩායමක් පැමිණෙන බවට ලද විශ්වාස කටයුතු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ ‌කර තිබූ පසුබිමක වනෝද්‍යානයේ සිට පැමිණි අනවසරයෙන් ඇතුළු වූ හමුදා මේජර් ජනරාල්වරයෙකු සහිත වාහනවල සිටි හමුදා කණ්ඩායමක් විසින් වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කර පහර දී ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මින්නේරිය පොලිසියට වනෝද්යාන භාරකරු විසින් පැමිණිල්ලක් කර තිබිණි. මෙලෙස පැමිණිලි කර තිබුණේ මේජර් ජනරාල් මොහාන් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්