වඩුවා පුටුවෙන් බිමට – ලක්ෂ්මන් නිපුණාරච්චි

සාම්ප්‍රදායික ලී බඩු කර්මාන්තයේ නියැලෙන වඩු කාර්මියන් මුහුණ පා සිටින තත්වය පිළිබඳව පසුගිය 17 වැනි දින බස්නාහිර පළාත් සභාවේදී ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය. විශේෂයෙන්ම මොරටුවේ ලී බඩු කර්මාන්තයේ නිරත වන්නන් අද වන විට වඩු කර්මාන්තයෙන් ඉවත් වන තත්වයක් උදා වී ඇති ආකාරය පිළිබඳව පළාත් සභාවේ විශේෂ අවධානය යොමු විය යුතු යැයි අවධාරණය කර සිටියේය.

නිපුණාරච්චි මන්ත්‍රීවරයා එහිදී අදහස් දක්මින්,

”ලී බඩු කර්මාන්තයට අදාලව ජීවනෝපාය ගොඩ නගාගත් විශේෂයෙන්ම මොරටුවේ ලී බඩු කර්මාන්තයේ නියලෙන්නන් මේ මොහොත වන තම කර්මාන්තය පැත්තෙන් මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව මෙම ගරු සභාවේත්, මධ්‍යම ආණ්ඩුවේත් අවධානය යොමු කළ යුතුව ඇත. කලක් මහත්වූ අභිමානවත් ආර්ථික ජීවිතයකට හිමිකම් පෑ ලීබඩු කර්මාන්තය අද වනවිට බරපතල අර්බුදයකට ලක්ව තිබෙනවා. වඩු මඩු වැසී යමින් ශිල්පීන් හැටියට කිසිවක් කරකියා ගත නොහැකි මිනිසුන් බවට පත්වෙමින් තම නිවාස යාන වාහන විකුණමින්, එදා දිනයේ ජීවත් වන්නේ කෙළෙසද යන තත්වයට පත්වෙමින් ඔවුන් අද අසරණ තත්වයට ඇද වැටී තිබෙනවා. මෙය ඡුන්දයකදී මනාපයක් ලබාගැනීමට කරන වඩු උපකරණ කිහිපයක් බෙදාදීමෙන් ගොඩගත හැකි තත්වයක් නොවේ.”  ප්‍රකාශ කර තිබේ.

සභාව වෙත ඉදිරිපත් කළ ලිපිය පහතින්…..

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්