අතුරු දහන්ව ඇති, දැනට ඝාතනය කර ඇතැයි සැලකෙන ප්රගීත් එක්නැලි ගොඩ මහතා ඝාතනයට ඩගලස් දේවානන්දා මහතා සම්බන්ධ යැයි පවසමින් WWW.JVPNEWS.COM නැමති දමිළ වෙබ් අඩවියේ පල කර ඇති පුවතක් පාදක කරගනිමින් ඩග්ලස් දේවානන්දා මහතාගේ මාධ්ය ලේකම් නෙල්සන් එස්. එදිරිසිංහ නැමැත්තා විසින් ජවිපෙ නායක අනුර දිසානායක මහතාට ලිපියක් ලියා ඇතැයි පවසමින් සමහර වෙබ් අඩවි ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව වැරදි මතයක් පැතිරවීමට කටයුතු කරගෙන යන බව ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අදාළ පුවත සම්බන්ධයෙන් අප සිදු කළ විමසීමකදී ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්රකාශ කර සිටියේ “පළමුවෙන්ම කිව යුත්තේ ජවිපෙට මෙතෙක් ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ලිපියක් ලැබී නැති බවය. එමෙන්ම අදාළ පුවත පල කරමින් කියා ඇති වෙබ් අඩවිය ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සම්බන්ධයක් ඇති එකක් නෙවෙයි. සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ මෙවැනි විවිධ නම්වලින්. මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමත් ඒවා මගින් විවිධ වැරදි ප්රවෘත්ති නිර්මානය කිරීමත් විටෙන් විට දැකිය හැකියි. ඉහත වෙබ් අඩවිය ජවිපෙට සම්බන්ධ නැති බවට මීට පෙරද ජනමාධ්යටත් ප්රකාශ කර තිබෙනවා. එසේ තිබියදීත් ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු විමසීමක් නොකර ජවිපෙ වෙබ් අඩවියක පලවූ ප්රවෘත්තියක් ලෙස හුවාදක්වමින් ජවිපෙට මඩ ගැසීම හා අවලාද නැගීම කණගාටුදායකය.
කිසිඳු වගකීමක් නැති මෙවැනි වෙබ් අඩවියක ප්රවෘත්ති පලවූ පමණින් ඒ සම්බන්ධයෙන් ජවිපෙන් විමසීමක් පවා නොකර එය සත්යයක් ලෙස උපකල්පනය කරමින් ජවිපෙට එරෙහිව අවලාද නැගීම මගින් පෙන්වනු ලබන්නේ එලෙස කරනු ලබන අයගේ වගකීම් විරහිත බවේ ප්රමාණය හා සදාචාරයක් නොමති තරමේ ප්රමාණයයි.
ජනතා විමුක්ති පෙරමුණට පහරදීමට බලා සිටින අයට මෙවැනි ව්යාජ ප්රවෘත්ති හේතු බවට පත්වූවාට වගකීමක් ඇති දේශපාලන නායකයන්ට මෙන්ම මධ්ය ආයතන මීට වඩා වගකීම් සහිතව ක්රියා කරනු ඇත.
අවසාන ලෙස ප්රවෘත්තිය අදාල වෙබ් අඩවිය ජවිපෙට සම්බන්ධ එකක් නොවන බවත් අදාළ ප්රවෘත්තිය සමග ජවිපෙට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එවැන්නක් ප්රචාරය කරමින් ජවිපෙට එරෙහිව අවලාද එල්ල කිරීම ඉතාම කණගාටුවට කරුණක් බවත් ටිල්වින් සිල්වා මහතා ප්රකාශ කර සිටියේය.









