ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් බසී

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් පෙට‍්‍රල්, ඞීසල් සහ භූමිතෙල් මිල තවත් අඩුවී ඇතැයි වාර්තාවේ. ඒ අනුව අද (22) වනවිට බොරතෙල් බැරලයක මිල ඇමැරිකානු ඩොලර් 89.23 දක්වා අඩුවී ඇත.

බොරතෙල්වලට අමතරව ලෝක වෙළෙඳපොළේ පෙට‍්‍රල් බැරලයක මිල ඩොලර් 83 දක්වාද ඞීසල් බැරලයක මිල ඩොලර් 112 දක්වාද භූමිතෙල් බැරලයක මිල ඩොලර් 111 දක්වාද අඩුවී ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්