ලෝකයම සීතලෙන් හැකිළෙයි

ලෝකයේ රටවල් රැසකට අධික හිම පතනයක් පතිත වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර බෝහෝ රටවල මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සීත කාලගුණයට මේ වනවිට මුහුණ දී තිබේ.

දරුණුම හිම පතනය වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර නිව්යෝර්ක්, වොෂින්ටන් හා වර්ජිනියා යන ප්‍රදේශවල දරුණු හිම පතනයක් පවතින බව පැවසේ. ඇතැම් ස්ථානවල සෙන්ටිමීටර් 150කට අධික හිම තට්ටු ගොඩගැසී තිබෙන බව වාර්තා වේ. හිම කුණාටු තත්වය හේතුවෙන් නිව්යෝර්ක් ගුවන් තොටුපලේ ගුවන් ගමන්වාර් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට අවලංගු කර තිබේ.

ඇමෙරිකාවට අමතරව මේ වනවිට චීනය, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, ඉතාලිය, හොංකොං, තායිලන්තය ඇතුළු රටවල් රැසකටද මේ වනවිට අධික හිම පතනයක් ඇද හැළෙමින් පවතින බව වාර්තා වේ.winter-i.jpg - 87.61 Kbwinter-ii.jpg - 80.47 Kbwinter-iii.jpg - 66.86 Kb

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්