ලොහාන්, උදිත්, රොෂාන් තාමත් රාජපක්ෂවරු පස්සෙන්

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සැහැල්ලු ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවනු ලැබූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ අද (4) එහි පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඔහු සමග නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පැමිණ ඇත.

නාමල් රාජපක්ෂ සහ ‍යෝෂිත රාජපක්ෂ උදේ 8.40ට පමණ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට ඇතුළු වී ඇති අතර පැයකට පමණ පසු ඉන් පිටව ගිය බව වාර්තා වේ.

කෙසේ නමුත් ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද කැඳවීමකින් තොරවම ඔවුන් පසුපසින් ගිය බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්