මෙතෙක් කලක් ජාතික රූපවාහිනිය මගින් විකාශනය වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම් විකාශන කටයුතු ඉන් ඉවත් කොට ස්වාධීන රූපවාහිනියට ලබාදීමට තීරණය කොට ඇත. මේ අතර එම වැඩසටහනේ නිෂ්පාදන කටයුතු පුද්ගලික අංශයට ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වේ.
අග්රාමාත්යවරයාගේ කාර්ය මණ්ඩලයේ මාධ්ය අංශය භාර ප්රධානියෙක් මැදිහත් වී මෙම තීරණය ගෙන ඇති බවද ඔහුගේ මැදිහත්වීම මත මෙම වැඩසටහනේ නිෂ්පාදන කටයුතු පුද්ගලික අංශයට ලබා දී ඇති බවද වාර්තා වේ.
දිගටම මෙම වැඩසටහනේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේජාතික රූපවාහිනි ආයතනය විසිනි. නිෂ්පාදන කටයුතු වෙනුවෙන් සහ විකාශන කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනියට මෙතෙක් කලක් මාසිකව රුපියල් මිලියන තිස් හතක් ගෙවා ඇත. මේ අනුව මෙම වැඩසටහනේ විකාශන කටයුතු සහ නිෂ්පාදන කටයුතු වෙනස් කිරීමෙන් පසුව ඒ සඳහා ඉතා ඉහළ මුදලක් ගෙවීමට ජාතික ලොතරැයි මණ්ඩලයට සිදුව ඇති බවද වාර්තා වේ..
කෙසේ වෙතත් ලොතරැයි දිනුම් ඇදීම් වැඩසටහනේ නිෂ්පාදන කටයුතු පුද්ගලික අංශයට භාරදීමෙන් පසුව එහි රහස්ය භාවයට ගැටලු මතුවී ඇති බවද එමගින් දිනුම් ඇදීමේ කටයුතු පිළිබඳව වංචාවක් සිදු විය හැකි බවද රූපවාහිනී ආයතනයේ අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැතිවරයාවරයාගේ කාර්ය මණ්ඩලයේ මාධ්ය ප්රධානියාගේ ගනුදෙනුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි. එමගින් ජාතික රූපවාහිනියට විශාල ආදායමක් අහිමි වෙන අතර එම ආදායමෙන් කොටසක් පුද්ගලික නිෂ්පාදන ආයතනයක් වෙත ගලා යන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.










