ශ්රී ලංකාවේ අප හමුවේ නැවත වරක් වසර 05 කට අපේ රටේ පාලකයා හෙවත් රට කන්නා තෝරන තරගය, පාර්ලිමේන්තු මහ මැතිවරණය අප හමුවට පැමිණ තිබේ. මෙතෙක් කලක් අපට සුර පුරයක් නිර්මාණය කර දීමට පොරොන්දු වී අපෙන් බලය ලබා ගත් අයම නැවත වරක් අප හමුවට පැමිණෙනු ඇත. ඔවුන් දුන් පොරොන්දු ඉටුකළා ද, නැද්ද යන්න ගැන නැවත වරක් සිතා බැලීිමෙන් පසු තවදුරටත් මේ අයව අපගේ නියෝජිතයින් ලෙස තෝරා පත් කර ගැනීිම ගැන තීන්දුව ජනතාව විසින් ගත යුතුය. එය විශාල හැදැරීම් ප්රමාණයක් කර, අධ්යයන වාර්තා පිළියෙළකර, විශාල කාලයක් මිඩංගු කොට ගත යුතු තීරණයක් නොවේ. අප එදිනෙදා මුහුණදෙන සමාජ ආර්ථික ගැටලූ ගණනාවත් , ඒවා අපේ ජීවිතවලට කොතරම් බලපා ඇත්ද යන්නත් , ඒ නිසා අපේ ජීවිත කොතරම් සංකීර්ණ සහ ගැටලූකාරී තත්වයට පත්වී ඇති ආකාරයත් අවබෝධකර ගැනීම පමණක් ප්රමාණවත්ය. ඒ ස`දහා අපට ප්රධාන නිර්ණායක කිහිපයක් සලකා බැලීමෙන් එම තත්වය වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැක.
මේ සඳහා අපට ගතහැකි හොඳම සහ සරල උදාහරණය ලෙස ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය ගත හැක. සෞඛ්ය යන්න අපගේ මතකයට නැගෙනවිට අපට නිතැතින්ම මතකයට නැගෙන්නේ රෝහල, වෛද්යවරුන් සහ ෙඖෂධ යන තුන් වර්ගය වුවද, සෞඛ්ය යන්නට එයට වඩා පු`ඵල් අර්ථයක් තිබේ. ඒ අනුව සෞඛ්ය යන්න නිර්වචනය කර ඇත්තේ ”රෝගවලින් හෝ ආබාධවලින් තොරවීම පමණක් නොව පුර්ණ වශයෙන් කායික, මානසික හා සාමාජීය වශයෙන් ලබන සුවතාවය”ලෙසය. එම නිර්වචනයට අනුව අප තේරුම් ගත යුතුවන්නේ ලංකාවේ මිනිසුන්ගේ සෞඛ්ය තත්වය කුමන මට්ටමක පවතින්නේ ද යන්නයි. ඉහත නිර්වචනයට අදාලව අවම වශයෙන් රෝගවලින් සහ ආබාධ වලින් තොර ජීවිතයක්වත් වශයෙන් පසුගිය රජයන් විසින් සහතික කර ඇද්ද යන්නයි. කායික, මානසික සහ සමාජීය සුවතාවය කෙසේ වෙතත් අවම වශයෙන් රෝහල්වල වෛද්යවරුන්, ඖෂධ සහ ප්රතිකාර යන පහසුකම් ප්රමාණවත් ලෙස ශ්රී ලාංකික අපට ලැබේද යන්න කල්පනාකර බැලිය යුතුය.
ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් හි සෞඛ්ය ක්ෂේත්රය සමඟ සසඳන කල්හි අප සිටිනුයේ ඉතාමත් පහළම අඩියක වන අතර අවම වශයෙන් එය ලෝකයේ දියුණුවෙමින් පවතින අනෙක් රටවල් මට්ටමේ වත් නොමැති වීම අපගේ අවාසනාවකි. රටක සෞඛ්ය ක්ෂේත්රයේ සම්පුර්ණ වගකීම ඒ රටෙහි රජයන්ට හිමිවන අතර ශ්රී ලංකාවේ මෙතෙක් පැවති කිසිම රජයක් එම වගකීම තම වගකීමක් ලෙස ගෙන නිසියාකාරව ඉටු නොකිරීමේ වරද විසින් ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය දරුණු කඩාවැටීමකට ලක්කර තිබේ. සියල්ල කරුමය මත සිදුවේයැයි විශ්වාස කරන බහුතර ජනතාවක් ජීවත්වන රටක මෙවැනි ආකාරයේ කරුමයක් කඩා පාත්වීම අරුමයක් නොවන්නේ එවැන්නක් අවබෝධ කර ගැනීමට සමත් හැකියාවක් සහ උවමනාවක් ඔවුන් සතු නොවීමයි. ලංකාවේ සෞඛ්ය ක්ෂේත්රය කඩා වැටීමෙන්, එයින් අසරණ වන්නේ තමන්ම බව අවබෝධ කරගන්නේ සුලු පිරිසකි. සෞඛ්ය සේවය නිසි අයුරින් පවත්වාගෙන යැමට නම් රජය ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්රියාත්මක කල යුතු අතර ඒ සම්බන්ධයෙන් ජාතික ප්රතිපත්තියක් ක්රියාවට නැංවිය යුතුය. ඒ සඳහා රජය මුලික වශයෙන් රාජ්ය වියදමෙන් ප්රමාණවත් ප්රතිශතයක් සෞඛ්ය සඳහා වෙන් කළ යුතුය. ලංකාවේ සෞඛ්ය වෙනුවෙන් කරනු ලබන වියදම ඉතා සුළු ප්රමාණයක් බව ලෝකයේ අනෙකුත් රටල් සමඟ සසඳන කල අවබෝධ වේ. සෞඛ්ය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වියදම් කළ යුතු ප්රතිශතය ගැන සලකා බලන කල ලෝකයේ සාමාන්ය මට්ටම ද:දේ:නි 5.1% ක් බව ලෝක සෞඛ්ය සංවිධානය හෙළි කරයි. එහෙත් මෙය ශ්රී ලංකාවේදී ද:දේ:නි 1.3% ක් වැනි ඉතා අඩු අගයක් ගැනීම තුළින් අවබෝධ වන්නේ රජයන් විසින් සෞඛ්යයට කරනු ලබන වියදම් කෙසේවත් ප්රමාණවත් නොවන බවයි. මෙසේ පැවති රජයන්ට සෞඛ්ය ක්ෂේත්රය වෙනුවෙන් මුදල් වෙන්කිරිමට නොහැකි වී ඇත්තේ එම ක්ෂේත්රයන් හරහා හොරකම් කිරීම හා ගසාකෑම වෙනත් ව්යාපෘතිීන් වලින් තරම් පහසු හා සරල නොවන නිසාය. වෙනත් අන්යවශ්ය, අනර්ථකාරි වියදම් ස`දහා පසු බට නොවන ආණ්ඩු සෞඛ්ය ක්ෂේත්රය සඳහා මුදල් වියදම් නොකරන හේතුව බොහෝ අය දනිති.
අනෙක් අතට ලෝකයේ රටවල සෞඛ්ය වියදම් වෙනුවෙන් රජය සහ පුද්ගලයින් වෙන වෙනම වියදම් දරණ ආකාරය පිළිබ`දව අවබෝධයක් ලබාගත හැක. බොහෝ රටවල මු`ඵ සෞඛ්ය වියදමෙන් රජය දරණ කොටස 59% ක් පමණ වන අතර පුද්ගලයින් තමන්ගේ මුදලින් දැරිය යුතු වන්නේ ඉතිරි 41% කොටසයි. රජයේ කොටස 70% ට වඩා වැඩියෙන් දරණ රටවල් 66 ක් ලෝකයේ ඇති අතර එමගින් පැහැදිලිවන්නේ රටවල් තම සෞඛ්ය වෙනුවෙන් කෙසේ වගකීම් දරනවාද යන්න ගැනයි. එහෙත් ශ්රී ලංකාවේ අප සෞඛ්ය වෙනුවෙන් පෞද්ගලිකව දැරීමට සිදුවී ඇති ප්රතිශතය 59% දක්වා ඉහළ ගොස් ඇති අතර රජය දැනට දරණු ලබන්නේ 41% ක් වැනි කොටසකි. මෙයින් පැහැදිලි වන්නේ දැනට පවතින ධනේශ්වර ලෝකයේ රටවල සුභසාධනයවත් අපේ රටෙහි නොමැති බවයි. එය සාමාන්ය තත්වයට සම්පූර්ණයෙන් පරස්පර තත්වයක් ගෙන ඇත. එක් අතකින් සමස්ථ ජනතාවගේ ආදායම් තත්වය පහළ යාමක් පවතින අතර අනෙක් අතින් සෞඛ්ය වැනි සේවාවන් ලබාගැනීම සඳහා විශාල මුදලක් පෞද්ගලිකව දැරීමට සිදුවී ඇත. රෝහල්වල පවතින සම්පත් හිඟය නිසා ඒවා රෝගීින්ට ප්රතිකාර කිරීමට සමත්් නොවන තත්වයට පත්වී ඇත. පසුගිය දිනෙක වෛද්යවරුන් නොමැතිව වසා දැමු රෝහලක් ගැන කෑගල්ල දිස්ත්රික්කයෙන් අසන්නට ලැබුණි. රෝහල්වල පහසුකම් නොමැතිවීමෙන් සමහර රෝහල්වල රෝගිීන් සිටින්නේ ඇ`දන් යටය. එක්කෝ් ඇඳ උඩ ඩබල් දමාගෙන සිටිති. පාලකයින් නොමනා දේ සඳහා මුදල් හිතු පරිදි නාස්ති කරද්දී රෝහල්වල රෝගීන් ඖෂධ සහ ප්රතිකාර නොමැතිව ඇඳන් යටට තල්ලූ කර සිටිති. බොහෝ වසංගත රෝග දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර පසුගිය මාස 06 ට පමණක් ඩෙංගු රෝගීන් 16,500 කට ආසන්න ප්රමාණයක් වාර්තා වී තිබුණි. පාසල් ළමුන් අතර HIV වෛරසය පැතිර යමින් පවතී. පිළිකා රෝගයද ඉතා සීග්රයෙන් ඉහළ යමින් පවතින අතර වකුගඩු රෝගයෙන් මියයන සංඛ්යාව ද ඉහළ යමින් පවතී. මෙලෙස ජනතාවගේ ජිවිතවලට මරණීය තර්ජන එල්ල වී ඇති අතර ඒවාට වගකිව යුත්තේ මෙරට පාලනය කළ පාලකයින් බව අවබෝධ කරගත යුතුය. එම නිසා මෙසේ අනාරක්ෂිත ජනතාවක් රෝගිීන් බවට පත්කර ඝාතනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන් පසුගිය රජයන් බාරගත යුතු අතර ඔවුන්වම නැවතත් අපගේ පාලකයින් ලෙස තෝරා පත්කර ගන්නවාද යන්න ගැන ජනතාව දෙවරක් සිතා බැලිය යුතුව ඇත.









