ලිට්‍රෝ සමාගමත් විකුණාදැමීමේ කුමන්ත්‍රණයක් ?

ලිට්‍රෝ සමාගමත් විකුණාදැමීමේ කුමන්ත්‍රණයක් ?

මේ වනවිට දිගින් දිගටම ගෑස් සිලින්ඩර පුපුරා යාම පිටුපස රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් තිබේදැයි බලවත් සැකයක් මතුව තිබේ.

එවැනි සැකයක් මතුවීමට හේතුවී ඇත්තේ මෑතක සිට ගෑස්වල රසායනික සංයුතිය වෙනස් කිරීමෙන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර් පුපුරායාම සිදුවීම් වාර්තා වීම නිසාය. මෙසේ පුපුරායාමට ඉඩ හැර ඉන් පසුව මෙම රාජ්‍ය සමාගම පුද්ගලික අංශයට විකුණා දැමීමේ උත්සාහයක් ආරම්භ කර තිබේදැයි බොහෝදෙනා සැක පළකරති.

මෙම සැකය විශේෂයෙන්ම ගෑස් අලෙවි නියෝජිතයන්ට ඇති වී තිබෙන අතර දේශපාලන අංශවල සාකච්ඡාවටද ලක් වී තිබේ. මෙයට පෙර ලාෆ් ගෑස් සමාගමේ වෙළඳපොළ කොටස වැඩි කර ගැනීමට උපක්‍රමික උත්සාහයක් දියත්කර තිබිණි. එය දියත්කර තිබුණේ ලිට්‍රෝ ගෑස් ගබඩා කිරීමට ලාෆ් ගෑස් සමාගමේ ගබඩා පාවිච්චි කිරීමට යොදාගැනීම හරහාය. නමුත් එයට එරෙහිව එල්ල වූ විරෝධය නිසා එය වැලකී ගිය අතර දැන් නැවත වටයකින් ලාෆ් ගෑස් සමාගමට හෝ වෙනත් සමාගමකට ලිට්‍රෝ ගෑස් සමාගමේ වෙළඳපොළ කොටත් අත්කරගැනීමට ඉඩ ලබාදීමේ සැලසුමක් වශයෙන් මෙමෙ ගෑස් සිලින්ඩර පුපුරා යාම සිදුවන්නේදැයි අදාල අංශ සැක පහළ කරති.

පසුගිය දිනවල ලාෆ් ගෑස් සමාගම සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඒකාබද්ධව නව සමාගසක් නිර්මාණය කරමින් සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබූ අතර ඊට ආණ්ඩුවේ පූර්ණ සාහය හිමිව තිබිණි. එහෙත් පසුව රට තුළ ඊට එරෙහිව පැනනැගුණු විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්