ලාංකිකයින් 20ක් සමග නෞකාවක් සයිප්‍රස් බලධාරීන් භාරයට

ලාංකිකයින් 20ක් සමග නෞකාවක් සයිප්‍රස් බලධාරීන් භාරයට

ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් නෞකාවක් උතුරු සයිප්‍රසයේදී එරට බලධාරීන් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 20 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙනි. සී ස්ටාර් නමැති අදාළ නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට ලිබියානු වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් එම නෞකාව සයිප්‍රසය වෙත යාත්‍රා කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ප්‍රශ්න කිරීම සඳහා නෞකාවේ කාර්යමණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇත. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ජිබුටි රාජ්‍යයෙන් නෞකාවට ගොඩ වී ඇති අතර නෞකාවෙන් ඊජිප්තුවට ගොස් ඊජිප්තුවේ සිට ගුවනින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන්ගේ අරමුණ වී තිබේ. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස අතරින් 05 දෙනෙකු පවසා ඇත්තේ, තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව ය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්