ලබන 08 සිට ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයට යනු බෑ…

ලබන 08 සිට ලාංකිකයන්ට බ්‍රිතාන්‍යයට යනු බෑ…

ලංකාවේ පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් ලබන 08වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියට ඇතුළු වන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබීම හේතුවෙන් ලාංකිකන්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් බවය.

කෙසේවෙතත් අද, හෙට (06) සහ අනිද්දා (07) යන දිනවල ලන්ඩන් බලා යෑමට ගුවන් ගමන් වෙන් කරවා ගෙන ඇති මගීන්ට මෙම තහනම බල නොපැවැත්වෙනු ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියන්ට, අයර්ලන්ත පුරවැසියන්ට හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට ජුනි 08වන දින සිට ක්‍රියාත්මක තහනම අදාළ නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වාදෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්